Tuesday, December 16, 2014

Windows XP Install කිරීම

Windows XP Install කිරීම Part 01


Windows XP Professional ස්ථාපිත ( Install ) කිරීමේ පිළිවෙල මෙහිදී පැහැදිලි කරන අතර Windows XP home edition ස්ථාපිත ( Install ) කිරීමේ පිළිවෙල ද Professional ස්ථාපිත කිරමේ ක්‍රියා පිළිවෙලට බොහෝ සේ සමාන වේ.Windows XP Pro යනු ඉතාමත් උසස් operating system එකකි.

Windows XP - Install කිරීම අපහසු නැත , Installation ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර Windows XP  සදහා අවශ්‍ය පහසුකම් ( System Requirements ) ඔබගේ පරිගණකයේ ඇත්දැයි පරික්ෂ කර බලන්න.එසේම Windows XP - Install කිරීමට පෙර ,පරිගණකයේ දෘඩාංග සදහා අවශ්‍යය drivers නොමැති  නම් අදාල සියළු කොටස් සදහා drivers භාගත ( download ) කරගෙන CD-R එකක හෝ USB drive එකක save කරගන්න.

සියලු Windows XP සංස්කරණ bootable - CD වේ.first boot device එක CD-ROM/DVD-ROM වන ලෙස BIOS Setup හදාගන්න. 

01 . වන පියවර -
  • Windows XP CD එක CD/DVD-ROM Drive එකට ඇතුල් කොට ඔබගේ පරගණකය Start කරන්න. Bios සැකසීමෙන් පසු පරිගණකය නැවත Start කිරීමේදී පරිගණකය විසින් ඉබේම CD හදුනාගෙන පරිගණක තිරය මත "press any key to boot from cd........._" යනුවෙන්  පණිවිඩයක් දැකගැනීමට පුළුවන එවිට ඔබට කැමති Key එකක් Press කරන්න.


  • Key එකක් Press කිරීමෙන් පසු  Windows XP පහත පරිදි boot up වීම ආරම්භ වේ .


02. වන පියවර -
  • මෙම පියවරේදී "press F6 if you want to install a third party Raid or SCSI driver" යනුවෙන් ඔබගෙන් අසනු ඇත,මෙහිදී ඔබ භවිතා කරනුයේ IDE Hard Drive එකක් නම් F6 press කිරීම අවශ්‍යය නොවුවත් ,ඔබ භාවිතා කරනුයේ SCSI  හෝ SATA Hard drive නම් F6 press කල යුතුය. ( නැතහොත්  වින්ඩොව්ස් ස්ථාපිත කරන අතර තුර Hard Drive  එක වින්ඩොව්ස්  හදුනා නොගත්ත හොත් Raid drivers , Floppy disk එකකට copy කරගත යුතුය ඒවා සාමාන්යෙන් CD  මගින් ලබා දේ.)



03. වන පියවර -


    04. වන පියවර -
    • මෙහිදී ඔබට  Windows XP Professional Setup screen එක පහත පරිදි වේ ,එහි නව Windows install, Repair කිරීම හෝ ඉවත් වීම . ලෙස පෙන්නුම් කරන අතර මෙහිදී පැහැදිලි කරනුයේ නව Windows XP ස්ථාපිත කිරීමකි  ඒ සදහා  Enter - press කරන්න.( Repair කරන්නේ නම්  -R  , ද ඉවත් වීම සදහා F3 ද press කරන්න ).

       
    < ආපසු ( BACK )                                                                                          

    No comments:

    Post a Comment