Tuesday, September 2, 2014

පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම - පලමු කොටස - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම


ඔබට අලුත්  හෝ පරණ කොටස් උපයෝගී කරගෙන ඔබගේ නිවසේදීම පරිගණකයක් එකලස් කරගැනීමට හැකියාවක් ඇත ,බොහෝ දෙනෙකුට මෙසේ පරිගණකයක් එකලස් කිරීමේ හැකියාව ඇති මුත් නොදන්නා සීමිත පිරිස සදහා මෙසේ මුලික කොටසේ සිට හදුන්වා දීමට බලාපොරොත්තුවෙමි. 


පරිගණකයක් එකලස් කිරීම කොටස් තුනක් ඔස්සේ ඔබට පැහදිලිව ලබා දීමට සුදානම් වන අතර හතරවන කොටස ලෙස Operating System එකක් ඉන්ස්ටෝල් කරගන්න ආකාරයත් ලබාදීමට බලාපොරොත්තු වෙමි.
  1. පලමු කොටස  - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම
  2. දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම
  3. තුන්වන කොටස - Bios සැකසීම හා යාවත් කාලය නොහොත් අලුත් කිරීම ( To Fix Bios setting and Update )
  4. හතර වන කොටස - Operating System ඉන්ස්ටෝල් (install ) කිරීම
01. පලමු කොටස   - දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම

මෙහි දී ඉදිරිපත් කරණ කරුණු  පරිගණක පිලිබඳ නොදන්නා කෙනෙකුට වැදගත්  විය හැක. මෙහිදී පරිගණකයකට අවශ්‍ය මුලික කොටස් පිලිබඳ මූලික හැදින්වීමක් කෙරෙන අතර එය ඔබට  විස්තරාත්මක වැඩි වීමට හෝ අඩු වීමට පුළුවන.

අවශ්‍ය වන කොටස්, මෙහිදී ඔබට ඕනෑතරම් අංග උපාංග  අනන්තවත් සම්බන්ද කිරීමට හැකියයාවක් තිබෙන මුත් මෙහිදී හදුනාගන්නේ ඉතාමත්   අත්‍යවශ්‍යම  උපාංග කීපයක් පමණි 

ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්
  • Case ( කවරය) සමග Power Supply ( විදුලි සැපයුම්  ඒකකය)
  • Motherboard (මවු පුවරුව නොහොත් ප්‍රධාන පරිපථය)
  • ප්‍රොසෙසරයක් (CPU)
  • Memory (RAM)
  • Hard Drive
  • Expansion Cards විශේෂයෙන් Video Card
අනික් කොටස්(Optional parts)
  • CD/DVD/BD Drive – අත්‍යවශ්‍යම නැ නමුත් නැතුවම බැරි දෙයක් OS එක ( Windows/Linux/Ubuntu ) වගේම, මෘදුකාංග (Software ) ඉන්ස්ටෝල් කර ගැනීමට ( මේ සදහා USB Drive ද පාවිච්චි කරන්න පුළුවන් )
  • Monitor - LED/LCD/ CRT  කුමක් හෝ
  • Keyboard/Mouse ( යතුරු පුවරුව/මූසිකය )
  • Speakers
මෙහිදී අමතර කොටස්ද ඕනෑතරම් ඇත එය ඔබේ අවශ්‍යතාවය පරිදි සකසා ගන්න 

ප්‍රධාන වසයෙන් අවශ්‍ය වන කොටස්

Case (කවරය)
  • Case එක තොර ගැනීමේදී  ප්‍රධාන පරිපථයේ  ප්‍රමාණය ( Motherboard  size එක ) ගැන අවදානය යොමු කල යුතු අතර  එහි උපාංග සවිකිරීමට ඇති හිඩැස් [ රාක්ක (Bays ) සහ Card වැනි දැ  සදහා ඇති හිඩැස් (expansion slots) ] ප්‍රමාණවත් දැයි නිර්ණය කල යුතුයි. මධ්‍යයම ප්‍රමාණයේ Case එකක් වඩා  සුදුසුය.Full,Mid  Mini Tower ලෙස ප්‍රධාන Casing වර්ග 03කි. බොහෝ දුරට භාවිතා  වන්නේ පහත  රූපයේ සඳහන් Tower Casing වේ.



Power Supply ( විදුලි සැපයුම්  ඒකකය)
  • Motherboard ( මවුපුවරුව ) ,Hard Drive(දෘඩ තැටියට) හා Optical Drive  ( CD /DVD /BD ) සදහා ප්‍රධාන වශයෙන් විදුලිය සපයනු ලබන්නේ මෙම  විදුලි සැපයුම්  ඒකකය ( Power Supply ) මගිනි. එනම්  පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය විදුලිය සපයනු ලබන්නේ මෙම කොටස මඟිනි.AT  ,ATX  හා ATX -02 ලෙස
    Power Supply වර්ග 03 කි.



Power Supply හි කේබල්  පරිගණකයේ උපාංග  වලට සවි කිරීම  ඉතා පහසු වනුයේ  සවිකිරීමේදී වැරදීමේ හෝ මාරුවී සවිවීමේ අවධානමක් නැති නිසාය . පහත ආකාරයේ වර්ග දෙකක් ඔබට වෙලද පොලේ දැකිය  හැකි අතර වෙනස් වර්ගද තිබේ ,බොහෝවිට දැකිය හැක්කේ මේවාය.


ඔබට ඊළඟට එන ප්‍රධාන ගැටලුව වන්නේ මදර්බෝර්ඩ් එක සහ ප්‍රොසෙසරයක්  නොහොත් CPU (Central processing unit ) එක තෝරා ගැනීමේදීය ,CPU හෙවත් ප්‍රොසෙසරය මදර්බෝර්ඩ් එකට සවිකිරීම සිදුකරනේ එහි ඇති Socketඑකෙහි Pin ප්‍රමාණය අනුව ය. මෙහිදී අප තෝරා ගත යුත්තේ කුමන වර්ගයේ ප්‍රොසෙසරයක්ද යන්න  හදුනාගතයුතු වෙනවා.තම ඇති මුදලට සරි ලන ප්‍රොසෙසරයක් තෝරා ගෙන එයට සරිලන මදර්බෝර්ඩ් එකක් තොර ගැනීම වඩා සුදුසුය. 

Motherboard (මවු පුවරුව / ප්‍රධාන පරිපථය) 
  • අප දැන් ඉතාමත් කෙටියෙන් මදර්බෝර්ඩ් සහ ප්‍රොසෙසර හදුනා ගනිමු ,මුලින්ම මදර්බෝර්ඩ් හදුනා ගනිමු.
අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් වර්ගය  වනුයේ  ATX ය, එසේම පහත ආකාරයේ මදර්බෝර්ඩ් වර්ග ඇත, ඒවා කිහිපයකට අදාල ප්‍රොසෙසර ද හදුනා ගන්න. 
  • XT( eXtended Technology) Motherboards
උදාහරණ : Pentium-I, Pentium-MMX, Pentium -II සහ Pentium-II Processors
  • AT  ( Advance Technology ) Motherboard
උදාහරණ :Pentium-III Processors
  • Baby AT Motherboards
උදාහරණ : Pentium-III and Pentium-IV
  • ATX (Advanced Technology eXtended )Motherboard ( අප බහුලව භාවිතා කරන මදර්බෝර්ඩ් වර්ගය )
උදාහරණ : Pentium-IV, Dual Core, Core 2 Duo, Quad Core, i3, i5 and i7 Processors.
  • ඊට අමතරව LPX Motherboard,NLX Motherboard,Pico BTX Motherboard,Mini ITX Motherboard සහ BTX Motherboard  යනුවෙන් මදර්බෝර්ඩ් වර්ග කීපයක්ද ඇත .
ඔබ තෝරා ගනුයේ කුමන වර්ගයේ ප්‍රොසෙසරයක් ද යන්න මත ඔබ ලබා ගැනීමට බලාපොරොත්තුවන මදර්බෝර්ඩ් එක තීරණය වේ . ප්‍රොසෙසර හා මදර්බෝර්ඩ් වර්ග දෙකක් තිබීම හේතුවෙන්ය.ඒවා නම් AMD සහ INTEL ය.

Motherboard වල බොහෝවිට  Sound , Network ඇතුලත් මෙන්ම VGA (video) ද ඇතුලත්ය.
 

පහත දක්වනුයේ ප්‍රොසෙසර වලට අදාල මදර්බෝර්ඩ් දෙකකි.
 
  • Intel - මදර්බෝර්ඩ් වල සාමාන්‍යයෙන් (friendly name එක) හදුන්වන්නේ   Socket හා Socket T,H,B ආදී වශයෙනි, තාක්ෂණික වශයෙන් හදුන්වන්නේ LGA( Land Grid Array )ලෙසය. මීට අදාලව Socket LGA 775 අන්තර් ගත මදර්බෝර්ඩ් එක කොටස් පහත දැක්වේ. 


  • AMD - මදර්බෝර්ඩ් AM ,F ලෙස දක්වනු ලබන අතර මීට අදාල AM2 Socket අන්තර් ගත මදර්බෝර්ඩ් එකක කොටස් පහත දැක්වේ.

මදර්බෝඩ් එකක පිටත සම්බන්දක 



මදර්බෝඩ් එකේ පිහිටන දිග් තවු නොහොත් Slots හදුනා ගනිමු.

  • RAM Slots
RAM පිළිබඳව,පහතින් RAM මාර්තුකාව යටතේ පැහැදිලි කර ඇත. මෙහි සදහන් කරන ස්ලෝට්ස් එහි ඇති RAM සමග සසඳා බලන්න.

පහත රුපයෙන් ඔබට SDR, DDR, DDR2, DDR3 හා DDR4 ස්ලෝට්ස් හදුනා ගන්න පුළුවන් වගේම ඒ ඒ ස්ලෝට්ස් අතර වෙනසද හදුනා ගත හැක.


  • Expansion Slots
පරිගණකයේ මදර්බෝර්ඩ් එක මත ඇති කොටස් පිලිබඳව අවබෝදයක් දැන් අප සතුව ඇත. එහි නැති කොටස් අපට පරිගණකයට සවිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මදර්බෝර්ඩ් එකේ ඉඩ වෙන් කර තිබෙන්නේ Slot වශයෙනි. එවා  Expansion Slot නමින් හඳුන්වන අතර මේවාට සවිකරන Cards , Expansion Cards ලෙස  හැදින්වේ.

මදර්බෝර්ඩ් එකේ පිහිටන Expansion Slots වලට අදාල Cards හා වැඩි විස්තර expansion cards මාර්තුකාව යටතේ පැහැදිලි කොට ඇත. පහතින් ඇති Expansion Slots හදුනා ගන්න.

AGP ( Accelerated Graphics Port)

AMR ( Audio/Modem Riser )

CNR ( Communication and Network Riser )

EISA ( Extended Industry Standard Architecture )


ISA ( Industry Standard Architecture )

PCI ( Peripheral Component Interconnect ) හා PCIe හො PCI Express

PCI e වල - x1, x2, x4, x8, x12, x16, සහ x32  ආකාරයට විවද හැඩහුරුවලින් slots ඇති අතර අද ගොඩක් මදර්බෝඩ් වල ඇත්තේ PCI සමග PCI Express (PCIe) slots ය.


 
ප්‍රොසෙසරය  (CPU )
 
දැන් ප්‍රොසෙසර හදුනා ගනිමු, CPU(Central Processing Unit) හෙවත් ප්‍රොසෙසරයේ වෙළඳනාම වර්ග දෙකක් අපිට දකින්න පුළුවන් ඒ INTEL හා AMD විදිහටය, ප්‍රධාන වශයෙන් Socket වර්ග දෙකක් ද දකින්න පුළුවන් එනම් PGA(Pin Grid Array) හා LGA(Land Grid Array )ඊට අමතරව BGA(Ball Grid Array) යනුවෙන් Socket වර්ගයක්ද ඇත එම ප්‍රොසෙසර පහත රූප සටහනින් හදුනා ගන්න.



  • Intel Socket 
ප්‍රථමයෙන්ම  Intel Sockets හදුනා ගනිමු, ඉහත සදහන් වූ පරිදි මේවා Socket හා Socket T,H,B ආදී වශයෙන් හදුන්වන අතර තාක්ෂණික නාමය LGA නම් වේ. මේ වන විට Socket පිළිබඳව සාමාන්‍යය අවබෝදයක් ලබාගෙන ඇත.
අඩු බලයක් සහිතව ක්‍රියාත්මක වන ප්‍රොසෙසර ලෙස  Socket441, Atom ප්‍රොසෙසරය වගේම මැදි පරාසයක් ගන්නා ප්‍රොසෙසර නිදසුනක් ලෙස  Socket H, Celeron සදහා Core i3, Core i5, and Core i7 800 යන ප්‍රොසෙසර පෙලක්ද නිදසුන් වශයෙන් ගතහැකි  සේම වැඩි බලයක්, පරාසයක් (high-end) සදහා Socket B ,Core i7 900 සහ ඊට වැඩි ප්‍රොසෙසර පෙලක්  Intel සතුය.

අද භාවිතා කරන පරිගණක බොහාමයකම  භාවිතා වන්නේ මෙම LGA ආකාරයේ ප්‍රොසෙසරය, එම නිසා එවැනි ප්‍රොසෙසර් හදුනාගැනීම සදහා මදර්බෝර්ඩ් වල ඇති  Socket කීපයක්
හදුනා ගන්න.

  • Socket LGA 775 ( Socket T )
මේ සොකට් එක Socket T ලෙසද හදුන්වනු ලැබේ .විශේෂයෙන් Core 2 Duo ,Core 2 Quad ප්‍රොසෙසර මේ සදහා භාවිතා කරන අතර  Intel Pentium 4 Prescott ප්‍රොසෙසර Pentium D සහ Pentium Extreme Edition ප්‍රොසෙසර ද මේ සදහා ගැලපේ. ඒවගේම සමහර  Celeron and Celeron D සදහා ද මේ  Socket LGA 775 සදහා යොදාගනි.

  • Socket LGA 1156 ( Socket H )
මෙය 2009 සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදනය කර හදුන්වා දෙනුයේ  Intel Core i -  Series එක ( i3, i5 සහ i7) සදහාය.  මෙයට මෙහිදී ඇතුලත් වනුයේ දිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයක් ( dual-channel DDR3 memory controller ) සහ විකල්ප ග්‍රැෆික්  (Optional integrated graphics) මේ නිසා  Display Port, High Definition Multimedia Interface (HDMI), Digital Visual Interface (DVI), or Video Graphics Array (VGA) යන සම්බන්දක සදහා අමතර සහයෝගයක්  (Support ) ලබා දෙනු  ලැබේ.

  • Socket LGA 1366 ( Socket B )
මෙය 2008 නොවැම්බර් මස දී  හදුන්ව දී ඇත. මෙය  වැඩි බලයක්, වැඩි පරාසයක් (high-end) සදහා වූ Intel Core i7-Series ප්‍රොසෙසර් සඳහා සුදුසු වේ (Support කරයි) මෙයට ඇතුලත් තිබෙනුයේ ත්‍රිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයකි.(Triple-channel DDR3 memory controller)

  • Socket LGA 1155 ( Socket H2 )
2011ජනවාරි මස මෙය හදුන්වා  දෙන ලදී මේවා සපෝර්ට් කරන්නේ Intel Sandy Bridge දෙවන පරම්පරාවේ  Core ix - series ප්‍රොසෙසර්  වලටය මෙන්ම ,Socket LGA 1155 කවර් ප්ලේට් එක Socket 1156 වගේම වුවත් ප්‍රොසෙසර් හුවමාරු කල නොහැකි අතර Socket LGA 1155 - Intel Ivy Bridge (තුන්වන පරම්පරාවේ ) Core i7-series ප්‍රොසෙසර් වලටත් සපෝර්ට් කණු ලබයි .


  • Socket LGA 2011
Socket LGA 2011 එක  2011 නොවැම්බර් මස හදුන්වාදෙන ලදී  මෙව්වා සපෝර්ට් කරන්නේ Intel වල ඉහල ක්‍රියාකාරිත්වයක් සහිත සංස්කරණයක් වන Sandy Bridge (second-generation) Core ix-series  (Sandy Bridge-E) එකේ ප්‍රොසෙසර් (CPU) වලටය.


කෙසේ නමුත් අප වැඩි මනක් භාවිත කරනුයේ Socket LGA 775 ( Socket T ) සහ Socket LGA 1156 ( Socket H ) යන ආකාරයේ ප්‍රොසෙසර් (CPU) වර්ගය.

ඉහත සදහන් වූ කරුණු හා රුප සටහන් මගින් Intel Socket සම්බන්දව වැටහීමක් ලැබෙන්නට ඇතැයි සිතමි . එසේනම් අපි දැන් AMD Sockets සම්බන්දව සාමාන්‍ය වැටහීමක් ලබා ගමු.

  • AMD Sockets
අති සාර්ථකව භාවිත වන Socket වර්ග 3ක් AMD වලට ඇත. ඒවානම් AM2, AM2+, සහ AM3,AM3+ Socket ලෙසය. තාක්ෂණිකව PGA (Pin Grid Array) ආකාරයේ ප්‍රොසෙසර් සදහා නිර්මාණය කර ඇත  මේවට සම්පුර්ණයෙන්ම වගේ ඔක්කොම AMD ප්‍රොසෙසර් පොදුවේ සපෝර්ට් කරනවා මෙන්ම වැඩි වශයෙන්ම AM2 සහ AM2+ හුවමාරු කල හැකි අතර AM3 හදුන්වා දෙන ලද්දේ DDR3 මෙමරි සදහා සපෝර්ට් කිරීමටය. මීට අමතරව Socket F (1207FX), Socket FM1,Socket FM2 ආදී වශයෙන් ද සොකට් හදුන්වා  දෙන ලදී.  
  • Socket AM2/AM2+
2006 මැයි මස AM2 Socket AMD  විසින් හදුන්ව දෙනවා නව සොකට් එකක් විදිහට මෙහි Pin 940ක් සමන් විත වෙමින් දිත්ව ක්‍රියාකාරී DDR2 මෙමරි පාලනයක්  ( Dual-channel DDR2 memory controllers) ද සතුවෙනවා .
Socket AM2 වැඩි දියුණුවක්  විදිහට 2007 නොවෙම්බෙර් මස Socket AM2+ නිකුත් වෙනවා එසේවුවත් AM2 සහ AM2+ භෞතික වශයෙන් එක සමාන තත්වයක් ගන්නවා. 
පහතින් දක්වා ඇත්තේ Socket AM2 ය, Socket AM2+ ද පෙනුමෙන් Socket AM2  සමානය.
 
  • Socket AM3 /AM3+
මෙය ත්‍රිත්ව ක්‍රියාකාරී DDR3 මෙමරි පාලනයක් සමග( Triple-channel DDR3 memory controller)  2009 පෙබරවාරි මස AMD විසින්  ලොවට හදුන්වා  දෙනවා.මෙහි  Socket AM2 or AM2+ වඩා  නවිකරණය වුවකි . පසුව Socket AM3+ නවීකරණය වුයේ “Bulldozer” නම් ප්‍රොසෙසර් සදහාය එය Pin 938 සමවිත වුවකි. මේවා AM3 sockets සහිත මදර්බෝර්ඩ් සදහා ද සහයෝගයගය දක්වයි .



AMD වල ප්‍රධාන වශයෙන් ඇති Socket AM2, AM2+, AM3, සහ AM3+ වල වැදගත් වෙනස්කම් පහතින් දක්වා ඇත
Socket            Pins            සහයෝගය දක්වන මෙමරි ( Supported Memory )      

 AM2                  940                      DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]

 AM2+                940                      DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]

 AM3                  938                      DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]

 AM3+                938                      DDR2 [දිත්ව ක්‍රියාකාරී ( dual-channel ) ]

AM2, AM2+, AM3, සහ AM3+ ප්‍රොසෙසර් හා මදර්බෝර්ඩ් වල ගැලපුම් වල සාරාංශයක් පහතින් දක්වමු.

  • Socket AM2 or AM2+ ප්‍රොසෙසර් , AM3 මදර්බෝර්ඩ් වලට  සවිකිරීමට නොහැකිය.
  • Socket AM2 ප්‍රොසෙසර් ,AM2+ මදර්බෝර්ඩ් වලට  සවිකිරීමට හැකිය.
  • Socket AM3 or AM2+ ප්‍රොසෙසර් Socket AM2 මදර්බෝර්ඩ් වලට සවිකළ හැකි අතර DDR2  මෙමරියට  සහ BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි ( BIOS සම්බන්දව ඉදිරියේදී ලිපියක් දැමීමට බලාපොරොත්තු වෙමි )
  • Socket AM3 ප්‍රොසෙසර් Socket AM2+ මදර්බෝර්ඩ් වලට සවිකළ හැක.DDR2  මෙමරියට  සහ  BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි
  • Socket AM3 ප්‍රොසෙසර් Socket AM3+ මදර්බෝර්ඩ් වලට සවිකළ හැකි අතර  BIOS ප්‍රොසෙසරයට සහය දැක්විය යුතුයි
කෙසේ වුවත් ඔබට මේවා භෞතිකව අලුත් ප්‍රොසෙසර් හෝ පරණ Sockets සහිත මදර්බෝර්ඩ් වලට සම්බන්ද කල හැකි, වුවත් තාර්කිකව බලද්දී  Bus Speeds වගේම  Memory සහ BIOS වල  සහය  මෙන්ම ඉහල ප්‍රථිපල හරියට ම ලබාගත හැක්කේ පොදුවේ  ප්‍රොසෙසර් හා මදර්බෝර්ඩ් ඒවාට ගැලපෙන එකම වර්ගයේ Socket වලින්ම තෝරා ගැනීමෙනි. 

ඉහත Socket වලට අමතරව AMD විසින් හදුන්ව දී  ඇති තවත්  Socket 3ක් ගැන අප කෙටියෙන් සලක බලමු

  • Socket F (1207FX)
AMD විසින් 2006 අගෝස්තු මස හදුන්වදුන්නකි. මෙය AMD විසින් හදුන්ව දුන් පළමු LGA (Land Grid Array ) Socket වර්ගයයි. මෙය Intel හි Socket LGA 775 සමාන වේ. Socket F ප්‍රයෝජනයට ගැනෙන්නේ Quad FX ප්‍රොසෙසර්, Dual socket dual-core ප්‍රොසෙසර් වලටය, මෙහි අනාගත සංස්කරණය quad-core ප්‍රොසෙසර් වලටය . Socket F ප්‍රොසෙසර් සදහා Socket F සහිත විශේෂ වූ මදර්බෝර්ඩ් ඇත.


  • Socket FM1
AMD විසින් 2011 ජුලි මසදී Socket FM1 හදුන්ව දෙන ලදී.මෙය Accelerated Processing Units [ (APUs) යනු CPU සහ GPU එකතුවකි ] සදහා භාවිතා කෙරේ .Ax-3xxx Series APUs ( Accelerated processing unit ) සහ සමහර Athlon II CPUs වගේම E2-3200 APU වලටද යොදාගන්නවා. FM1 Socket වලට pin 905 තියෙනවා වගේම Socket FM1 ,DDR3 මෙමරි වලට සහය දක්වනවා. මෙවායේද PGA Socket සමානයි කලින් භාවිතා කරන්න්ලද AMD ප්‍රොසෙසර් වලට.



  • Socket FM2
FM2 Socket එක  2012 සැප්තැම්බර් මසදී AMD විසින් හදුන්වා  දෙන ලදී   APUs හි Trinity series සදහා භාවිතා කරයි  . මෙහි අන්තර් ගත වන්නේ Ax-5xxx series APUs ය  FM2Socket වලට pin 904 ඇති අතර PGA socket කලින් භාවිතා කරන්න්ලද AMD ප්‍රොසෙසර් වලට සමාන වේ ඒ වගේම මෙවා DDR3 මෙමරි වලට සහය දක්වයි. 

ඔව් අප දැන් ප්‍රොසෙසර් සහ මදර්බෝර්ඩ් හදුනා ගත්තෙමු. එසේම මදර්බෝර්ඩ් තෝරා ගැනීමේදී අපට ගොඩක් හුරු පුරුදු , සාමාන්‍ය  නිෂ්පාදන තමා  Intel, ASUS, AOpen, ABIT, Biostar, Gigabyte, MSI, DFI, ASRock, PC Partner ,Foxconn මිට අමතරව තවත් නිෂ්පාදන ඇත.

කුමන ආකාරයේ ප්‍රොසෙසරයක් හෝ මදර්බෝර්ඩ් එක ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් හොදම අදහස තමා මුලින්ම ප්‍රොසෙසරයක් තොරා ගැනීම, දෙවනියට ඊට අදාල මදර්බෝර්ඩ් එකක් තොරා ගන්නේ නම් වඩාත් සුදුසුය.



  • සිසිලන පද්ධතිය (Cooling Systems)


පරිගණකයේ ප්‍රධාන සිසිලන පද්ධති වන්නේ  CPU Cooling Fan හා Case Cooling Fan ය ,මෙයින් CPU Cooling Fan  එක ඉතා වැදගත් වේ. මක්නිසාද යත් එය මගින් පරිගණකය මොලය ලෙස සැලකෙන අප මෙතෙක් හදුනාගත් ප්‍රොසෙසරයේ රත් වීම මෙයින් පාලනය කරනු ලබන නිසාය. මෙම Fan  එක  මදර්බෝර්ඩ් එක සමග ඔබට ලැබෙන අතර  Case Fan සමහර විට Case එක සමග ලැබීමට හෝ නොලැබීමට පුළුවන ඔබට අවශ්‍ය නම් Case Fan සම්බන්ද කර ගැනීමට හැක. අපට Case Fan භාවිතා කිරීමට අවශ්‍ය වන්නේ  රැස්වන තාපය බාහිරට මුදාහැර සිසිලන කාර්ය පවත්වා ගැනීමටය,මෙහිදී විශේෂ කරුණ වන්නේ පරිගණකයේ  නිසි ක්‍රියාකාරිත්වයට මෙම පෑන් දෙක
අත්‍යවශය බවය.මීට අමතරව VGA Card එකේද Fan එකක් ඇත. 


 
මීලගට අප හැරෙනුයේ Memory නොහොත් RAM වෙතටය.

RAM (Random Access Memory) 
 

මදර්බෝඩ් මාර්තුකාව යටතේ අප RAM ස්ලොට් පිළිබඳව හදුනා ගත්තෙමු,දැන් අප RAM හදුනාගනිමු.
ප්‍රොසෙසරය සමග හුවමාරු වන දත්ත තාවතාලිකව ගබඩා වන්නේ RAM තුලය. මෙහි  මතකය ස්ථිර නොපවතින අතර  පරිගණකයේ වසා දැමු සැනින් මෙහි දත්ත මැකී යයි, RAM ධාරිතාවක වැඩි වීම  තුලින් පරිගණකයේ  ක්‍රියාකාරි වේගය වගේම  විශාල වැඩසටහන් (සොෆ්ට්වෙර් වැනි) භාවිතා කිරීමේ හැකියාවත් වැඩි වෙනවා.මුලික මෙමරි වර්ග දෙකකි එනම්  SRAM ( Static RAM) සහ DRAM ( Dynamic RAM) ලෙසය.
  • SDR - (Single Data Rate) - SDRAM
Single Data Rate SDRAM නොහොත් SDR SDRAM මෙව්වා 16 bits වූ  අතර මෙය පුළුල් ලෙස භාවිතා වුයේ 90 කලපර්ච්චේදයේ Intel Pentium III දක්වා වූ පරිගණක පද්ධති සදහාය. ඒ වගේම සාමාන්‍ය ( Standard) SDR වලට ඇතුලත් PC-100 සහ PC-133 වන අතර  clock speed වනුයේ පිලිවෙලින් 100MHz  සහ 133MHz ය.

128Mb , 256Mb , 512Mb , වැනි RAM වැනි මෙමරි සහිත  RAM භාවිතා වෙයි.




  • DDR- ( Double Data Rate ) - SDRAM
DDR මෙමරි ලෙස හදුන්වන්නේ මේවාය. මේවා SRD වලට වඩා වැඩි දියුණු වී ඇත. DDR මෙමරි මුලික වසයෙන් භාවිත වුයේ  Intel Pentium 4 සහ AMD Athlon තාක්ෂණික පරිගණක පද්ධති සදහාය. සම්මත ( Standard) DDR ලෙස DDR-200, DDR-266, DDR-333 සහ  DDR-400  වලට clock speeds පිලිවෙලින් වුයේ මෙසේය 100MHz, 133MHz, 166MHz සහ 200MHz දැක්විය හැක.

64MB DDR, 128MB DDR, 256MB DDR, 512MB DDR, 1GB DDR වැනි මෙමරි සහිත  RAM භාවිතා වෙයි.




  • DDR2 SDRAM
DDR මෙමරි නව දියුණු කිරීමක් විදිහට DDR2 නිපදවෙන්නේ පුළුල් සහ ඉහල ක්‍රියා සාධනයක් සමග මෙමරි පරාසය (memory bandwidth එක) ,clock rates සහ වෝල්ටීයතාවය (voltages)  ද වැඩි දියුණු වෙමිණි. DDR2  මෙමරි Pentium 4 Prescott වලට මුල් කාලයේද පසුව  Intel Core සහ AMD Athlon 64 ඇතුලත් වුනි. සම්මත ( Standard)  DDR2 මෙමරි ලෙස  DDR2-400, DDR2-533, DDR2-667, DDR2-800 සහ DDR2-1066 දැක්විය හැක.

128Mb DDR2, 256Mb DDR2, 512Mb DDR2, 1G DDR2, 2G DDR2 වැනි මෙමරි සහිත  RAM භාවිතා වෙයි.

  •  DDR3 SDRAM
DDR3 , 2007 දී අවසන් කරනුයේ  මුලික වසයෙන් අඩු වොල්ටිය තාවයක් අතර තුර  වැඩි සහ ඉහල clock rate ලබාගැනීමේ හැකියා වත් වැඩි දියුණු කරමින්ය. DDR3  නවතම  AMD සහ Intel platforms (790/AM3 and X58/P55) සහය දක්වයි. අද පවතින සම්මත ( Standard) DDR3 මෙමරි ලෙස DDR3-1066, DDR3-1333, DDR3-1600, DDR3-1800 සහ DDR3-2000 දැක්විය හැක. DDR3 වල pin 240 ක් ඇත.  

1Gb DDR3 ,2Gb DDR3 ,4Gb DDR3 සහ 8Gb DDR3  දක්වා මෙමරි සහිත  RAM භාවිතා වෙයි.





  • DDR4 SDRAM
DDR4 මෙමරි අති  දියුණු කිරීමක් විදිහට නිපදවෙන්නේ පුළුල් සහ ඉහල ක්‍රියා සාධනයක් සමග මෙමරි පරාසය ඉතාමත් ඉහල අගයක් ගනිමින්,clock rates සහ වෝල්ටීයතාවය (voltages)  ද වැඩි දියුණු වෙමිණි pins 284 ක් [සම්මත( Standard)DDR4 සදහා ]  ද ඇතුලත් වෙමිනි. 2GB සිට  16GB දක්වා RAM පවතී.



DDR4 තාක්ෂණික අභිවෘධිය




  • සංසික්ප්තය :
SRD වලින් පසු අපට ඉස්සෙල්ලාම  හමු වන්නේ  pins 184 සමග DDR ය මෙය ඉදිරිපත් කරන උපරිම වේගයන් වන්නේ  DDR-200 (PC1600), ධාරිතාවය 128MB සිට 1GB දක්වය. DDR2 පැතිරීමට පටන් ගන්නේ pins 240 සමග  DDR2-400 සිට DDR2-1066 දක්වා ය .මෙයට නියමිත ධාරිතා වුයේ  256MB සිට 2GB දක්වාය. 2007 දී පමණ DDR3, වලට පා  තබන්නේ  තක්සනික අතින් තවත් දිඋනු වෙමිනි මේවා DDR3-800 සිට DDR3 1066 දක්වා පැමිණ  තවත් අවශ්‍යතා උදෙසා DDR3-2133 දක්වා ඉහල නැගුණි ,මේවයේ ධාරිතාවන් සාමාන්‍යයෙන් 512MB  සිට 4GB පරාසයත්  සමග  8GB උපරිමය දක්වා වැඩි දියුණුවිය ,ඒ වගේම අවසන් වශයෙන් අපට හමු වන්නේ  DDR4 ය මෙහි වේගය DDR4-4266 වැඩිවිය හැක අතර ධාරිතාවයන්  2GB සිට 16GB දක්වා වේ.DDR5 ද ඔබට දැක බල ගත හැකිය. 

ඒ ඒ  සම්මත නොහොත් සාමාන්‍ය මතකයන්  ( Standard RAM ) හි pin ප්‍රමාණ



කෙසේ නමුත් දැන් මතකයන් නොහොත් RAM සම්බදව දැනුමක් ලබාගත්තෙමු දැන් ඔබට පහතින්  රුප සටහන් කීපයක් මගින් RAM  වර්ග භෞතිකව හදුනා ගත හැකි අකාර කිහිපයක් ඉදිරි පත් කිරීමට බල පොරොත්තු වෙමි .


  •  SRD - DDR-DDR2-DDR3





  • DDR3 - DDR4


දැන් හදුනා ගැනීමට සුදානම් වන්නේ පරිගණකයේ දත්ත ගබඩා කිරීමේ උපකරණ පිළිබඳවයි ( Storage Device )

Hard Disk Drive (HDD) හෙවත් දෘඩ තැටි.

මෙය මෙහෙයුම් පද්ධතිය ( Operating  System ) ස්තාපිත කරන්නේ මේ තුලයි එමෙන්ම පරිගණකයේ ස්තාපිත කරන සියලුම වැඩසටහන් ( Software ) තැන්පත් වන්නේද මේ තුලයි. එමෙන්ම  ප්‍රධාන හා ස්ථීර දත්ත තැන්පතුව වන්නේද මේයයි. 


Hard Disk එකක ධාරිතාවය ( Capacity ) මනිනු ලබන්නේ  Megabytes  (MB ) හා Gigabytes (GB) වලින් එමෙන්ම එහි වේගය විනාඩියකට කරකැවෙන වට ප්‍රමාණය කොපමණදැයි කියන ඒකකයෙන් ද [ Revolutions per  Minute (RPM) ] මනිනු ලැබේ, මෙම සියළුම දත්ත සටහන් දෘඩ තැටියේ පිටත සඳහන් වන නිසා ඔබට ඉතා පහසුවෙන් බලා ගත හැක.

දැනට භාවිතා වන මුලික  Hard Disk වර්ග දෙකකි  එනම් ATA ( IDE ) හා SATA විදිහටය ඊට අමතරව SCSI හා SSD කියන  වර්ග දෙකකුත් තියනවා.


  • 01.Parallel Advanced Technology Attachment  (PATA)

IDE ( Integrated Drive Electronics ) Drives සහ  EIDE ( Enhanced Integrated Drive Electronics ) Drives ලෙස හදුන්වන්නේද මෙම Drives ය.






  • 02. Serial ATA (SATA)
මෙය PATA හි ප්‍රතිපුරකයක් වුවත් මෙහි සම්බන්දක සම්පුර්ණයෙන්ම වෙනස්ය. තව දුරටත් IDE එකට වඩා වෙනස්ම  Power Adapter ඇතුලත් වේ. SATA Drives ,IDE  වලට වඩා අඩු විදුලියක් පාවිච්චි කරන අතර කාර්යක්ෂම බවෙන්ද ඉතා ඉහලය .










  • 03. Serial Attached Small Computer System Interface (SAS or SCSI)
මේවා IDE Hard Drives වලට සමාන වේ. මේවා ඩිස්ක් එක විනාඩියකට කරකැවෙන වට ප්‍රමාණය [ Revolutions Per  Minute (RPM) ] අනුව IDE සහ SATA වලට වඩා විශාල අගයක් ගනී ,IDE සහ SATA Drives සාමාන්‍ය කරකැවෙන වේගය  7,200 rpm,වේ ,නමුත් SCSI සාමාන්‍ය කරකැවෙන වේගය 10,000 to 15,000 rpm
දැනට පවතින නව  SATA drives  වේගය 10,000 rpm වේ.






04. Solid State Drives (SSD)

SanDisk Solid State Drives (SSDs) යෝජනාව වුයේ  High-Speed, Low Power දත්ත Storage විසදුමක් දීමටයි.මෙම Drives අනෙකුත් Hard Disks  විශාල වෙනස්කම් පෙන්වයි.  






මෙම සියලු Hard Drive වර්ග සාමාන්‍යයෙන්  Desktop සහ Laptops පරිගණක යන දෙකටම යොදා ගනී.

අවසාන වසයෙන් අපි ඒ ඒ Hard Drives වල Connectors  වල වෙනස් කම් හදුනා ගනිමු. 








Expansion Cards

අපි දැන් Expansion Cards කියන්නේ මොනවාද කියා හදුනා ගනිමු. පරිගණකයේ මදර්බෝර්ඩ් එක මත ඇති කොටස් මෙන්ම ඊට සම්බන්ද කරන ප්‍රධාන කොටස් පිලිබඳව අවබෝදයක්  දැන් අප සතුව ඇති අතර , එහි නැති කොටස් අපට පරිගණකයට සවිකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පහසුකම් අපට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මදර්බෝර්ඩ් එකේ ඉඩ වෙන් කර තිබෙන්නේ Slot වශයෙනි . එවා  Expansion Slot නමින් හඳුන්වන අතර මේම Slot සම්බන්දව ඉහතදී ඔබ හදුනා ගන්නා ලදී, මේවාට සවිකරන Cards අප Expansion Cards ලෙස  හැදින්වේ. මුල් කාලයේ බොහෝ උපාංග පැමිණියේ Expansion Cards ලෙසමුත් පසු කාලයේ  ඒවායින් බොහොමයක් On Board ලෙස (මදර්බෝර්ඩ් එක මතම)  පැමිණ ඇත . දැන් අප බහුලව භාවිතා කරන Expansion Cards ගැන හදුනාගනිමු .

විශේෂයෙන්ම අපට  මෙහිදී වැදගත් වනුයේ Video Card ය කෙසේනමුත් මදර්බෝඩ් මාර්තුකාව යටතේ අප Expansion ස්ලොට් පිළිබඳව හදුනා ගත්තෙමු එම නිසා අප කෙටියෙන් Video Card සමග අප විවිධ Expansion Card කිහිපයක් හදුනා ගනිමු .


  • Video Card
අභ්‍යන්තර පරිපථය මගින් මොනිටර්ය මත අනුරූප ( out put ) ප්‍රදර්ශණය විම සදහා මාරුවෙන් මාරුවට විවිධ Slots සඳහා විවිධ  Video Cards වර්ගද ඉදිරිපත්  වුණි . මෙව්වා video card ලෙස හැදින්වෙන අතර display adapter, graphics card, graphics adapter, video adapter, video board, හෝ video controller හැටියටත් හදුන්වනවා .

ඒවායින් අද ඉතා බහුලව භාවිතා වූ Video cards වර්ග 3ක් ඇත  එනම් AGP, PCI, සහ PCI Express ලෙසය.

AGP, PCI, PCI Express  - Video Cards වල විශේෂ කොටස් තුනක් තිබේ, එනම් VGA සම්බන්දක ( connector ), S-Video හෝ HDMI Port  සම්බන්දක හා DVI සම්බන්දක වේ මේවා මදර්බෝර්ඩ් එකේ AGP, PCI, PCI Express Slots, වලට සම්බන්දවේ ,පහත රූපසටහනේ ඔබට මේ ආකාරයේ card කිහිපයක්  දැක්වේ.










සාමාන්‍ය කාර්යාලීය කටයුතු, ඉන්ටර්නෙට් භාවිතය සඳහා On Board ග්‍රැෆික් සහිත  මදර්බෝර්ඩ් සුදුසු වේ.එහෙත් අපේ අවශ්‍යතාවයන් අනුව පරිගණකයේ සක්‍යතාවය වැඩිදියුණු කිරීමේදී ( පරිගණක ක්‍රීඩා , ග්‍රැෆික් වැඩසටහන්,3D වැඩසටහන් වැනි තවත් විශාල ධාරීතාවයෙන් යුතු වැඩසටහන් සදහා  ) පරිගණකයේ ග්‍රැෆික් (VGA ) ධාරිතාවය දැනට තිබෙනවාට වඩා වැඩි කර ගැනීමට විවිධ  graphic card සවිකර ගැනීමේ හැකියාවක් ඇත.

මදර්බෝර්ඩ් වල ඕන් බෝර්ඩ් VGA  එකක් ඇත ,එය බොහෝවිට  සක්‍යතාවයෙන් අඩු වේ .ඔබට නවිතම Game මෙන්ම විශාල සක්‍යතාවයෙන් යුත් වැඩසටහන් භවිතා කිරීමට නම් හොද VGA එනම්  graphics card එකක් සවිකර ගත යුතුය.

VGA වලද පරිගණකයේ මෙන් RAM එකක් සහ CPU ( GPU ) එකක් ඇත,VGA එක තේරීමේදී  අවධානය යොමුවන්නේ  GPU ( Graphics Processing Unit ) එකටය. ප්‍රධාන වසයෙන් GPU නිපදවන්නේ NVIDIA  සහ  ATI ( AMD ) යන ආයතන දෙක මගිනි ඊට අමතරව ඉන්ටෙල් ආයතනය මගින් නිපද වූවද ඒවායේ සක්‍යතාවයෙන් අඩු වේ.


  • Sound Card (Audio Card, Sound Adapter)
Sound card එකක් භාවිතා වන්නේ පරිගකයක ශබ්ද ප්‍රතිදාන කිරීම සදහායි එනම් හඩ ලබා ගැනීම සඳහා එනම් Sound Output  එක ලෙසයි. මුල්කාලයේ ISA Bus Sound Card ද පසුකාලීනව PCI Sound Card භාවිතයට පැමිනෙනවා. මේවාද මදර්බෝර්ඩ් මතම ( On Board ) පැමිණෙන අතර උසස් වර්ගයේ එකක් අවශ්‍යනම් ඔබට සම්බන්ද කරගැනීමට හැක.


  • Network Interface Card (NIC) Network Card
පරිගණක ජාලයක් සමග හෝ අන්තර් ජාලය සමග නෙට්වර්ක් කේබලයක ආධාරයෙන් පරිගණකය සම්බන්ද කිරීම සඳහා මෙම Card  භාවිතා කෙරේ. පසු කාලීනව Integrated Network Card ලෙස මවු පුවරුව මතම එනම් On Board ලෙස දක්නට ඇතත් සමහර මවුපුවරුවලට ( Motherboard ) තවමත් අන්තර් ගත නොවේ.





  • Wireless ( NIC ) Network Card
රැහැන් රහිත පරිගනක ජාලකරණය හා අන්තර් ජාලය සමග පරිගණකය සම්බන්ද කිරීම සඳහා භාවිතා කෙරේ





  • Modem Card ( Modulator- Demodulator )

මේවා Router සහ  Dongle වලට කලින් Broadband සබඳතා වැනි ඉන්ටෙර්නෙට් සම්බන්ද වීමට යොදා ගන්නා ලදී.මැතකාලයේදී ද  Modem මගින් අන්තර්ජාල සේවා ලබාගනී මීට අමතරව External Modem ද ඇත




  • Capture card 

පිටතින් ලබාදෙන Video සහ Audio  පරිගණකය හරහා පටිගත කිරීම සඳහා මේවා  භාවිතා කරයි. Video Editing  සඳහා මේවා බහුලව භාවිතා වේ.




  • TV Card  

පරිගණකය මගින් රූපවාහිනී නැරබීමේ හැකියාව ඇති අතර  රේඩියෝ සඳහා සවන් දීමට මේවා භාවිතා කරණු ලැබේ,එමෙන්ම මෙහිද ඉහත සදහන් වූ  Capture කිරීම සිදු කිරීමට හැකියාවක් ඇත.

දැන් භාවිතයේ Expansion Cards සඳහා අපට දකින්න ලැබෙන්නේ PCI (Peripheral Component Interconnect) හෝ PCIE (Peripheral Component Interconnect Express) කියන ස්ලොට් ටයිප් දෙක වීමත්  AGP ස්ලොට් භාවිතා අද වන විට  භාවිතයෙන් ඉවත්වූ වර්ගයකි





මිට අමතරව Interface card ද ඇත. එනම් ATA, Bluetooth, EIDE, Firewire, IDE, Parallel, RAID, SCSI, Serial, සහ  USB, පහත රූප මගින් මෙම card හදුනා ගන්න.



දැන් අප හදුනා ගැනීමට යන්නේ අනෙකුත් අමතර කොටස් (Optional Parts) යටතේ  ඇති කොටස් කිහිපයක් හදුනා ගැනීමටය ඉහතදී සදහන් වූ ආකාරයට අමතර කොටස්ද ඕනෑතරම් ඇත එය ඔබේ අවශ්‍යතාවය පරිදි සපයා ගත යුතුය.

Optical Disc Drive

ODD (abbreviation), CD drive, DVD drive, BD drive, disc drive සහ optical drive ලෙසද හදුන්වන්නේද මෙම Optical Disc Drive  මය .
ජනප්‍රියතම Optical Disc Drive අනුරූප මේ අකර වේ CD-ROM, CD-RW, DVD-ROM, DVD-RW සහ Blu-ray drives. CD සහ DVD writers, CD-R සහ  DVD-R drives වේ.[ R (record-able) හා RW( re-writable) වේ ]

Optical Drive යනු ලේසර් කිරණ මගින් දත්ත ගබඩා කිරීම හා ඒවා නැවත කියවීම ද ලේසර් කිරණ භාවිතා කිරීමයි . CD Drive , DVD Drive  සහ BD ( Blu-ray ) Drive  යන මෙම Drive ඔබට ඉතාමත් හුරු පුරුදු Driver ය. CD Drive වලට කියවිය හැක්කේ CD Discs ය, DVD Drive වලට කියවිය හැක්කේ  DVD සහ CD Discs ය එනමුත් Blu-ray Drive වලට CD, DVD, සහ Blu-ray Discs කියවිය හැක.








මේවට සම්බන්දවන තැටි ( Disc ) මෙසේස්ය CD ( Compact Disc ), DVD (Digital Versatile Disc )HD DVD (High Definition/Density Digital Versatile Disc),සහ BD (Blu-ray Disc).
මෙම තැටි මත ඇති  ධාරිතාවයන් මෙසේය.
  • බොහාමයක් CD - වල 700MB ඇති අතර ,පමණක් CD -800MB දක්වාද ඇත.
  • DVD වල තනි ලේයර් තැටියක ( Single-Layer Discs ) උපරිම 4.7GB (භාවිතා වන්නේ 4.38GB) හා ද්විත්ව ලේයර් තැටියක ( Dual-Layer Discs) උපරිම 8.5GB (භාවිතා වන්නේ 7.95GB).
  • HD DVD වල තනි ලේයර් තැටියක ( Single-Layer Discs ) උපරිම 15GB හා ද්විත්ව ලේයර් තැටියක ( Dual-Layer Discs) උපරිම 30GB කි.
  • Blu-ray Disc (BD) වල තනි ලේයර් තැටියක ( Single-Layer Discs ) උපරිම 25GB (භාවිතා වන්නේ 23.28GB),ද්විත්ව ලේයර් තැටියක ( Dual-Layer Discs)  උපරිම 50GB (භාවිතා වන්නේ 46.57GB) සහ BD-XL උපරිම 100/128 GB වේ. 



  •  DVD, HD DVD, Blu-ray Disc වල ඇති  ධාරිතාවයන්.......



Computer Monitors 

මොනිටරය යනු output device එකකි,රුපවාහිනී  සඳහා යොදා ගන්නා තාක්ෂණය සදහාද යොදා ගනී. මොනිටෝර් පිළිබදව හදුගැනීම හා ඒවායේ ක්‍රියාකරිතව පිලිබදව කෙටියෙන් ඉදිරිපත් කිරීමට බල පොරොත්තු වන අතර මෙය හුදෙක් ඔබගේ දැනුමට යමක්  එකතු කිරීමටය, පරිගණකයක් එකලස් කිරීමේදී සියලුම කොටස් වල ක්‍රියාකාරිත්වය පිලිබදව දැනුමක් අවශ්‍යය නැතිමුත් සැම කොටසක් පිළිබඳව කෙටි දැනුමක් හෝ තිබීම වැදගත් ය. Monitors වර්ග තුනක් ඇත.

  1. CRT Monitors - ( Cathode Ray Tube)
  2. LCD Monitors - ( Liquid Crystal Display)
  3. LED Monitors - (Light Emitting Diode)


  • CRT Monitors ( Cathode Ray Tube)
CRT Monitor වල කැතෝඩ කිරණ ටියුබයක් - Cathode Ray Tube ( අඩු පීඩනයක්  පවතින ස්වල්ප  වායු ප්‍රමාණයක් සහිත රික්තකයක්) හරහා යොදා ඇති විදුලි සැපයුම් (ඉලෙක්ට්‍රෝඩ) මගින් අධි වෝල්ටීය තාවයක් සහිත විදුලි ධාරාවක් යැවූ විට ඇතිවන කැතෝඩ කිරණ (ඉලෙක්ට්‍රෝන ධාරාව ) ඉදිරිපස ඇති රසායන ආලේපිත (ෆොස්ෆර් අලේප කර ඇති) තිරයේ පතිත වීමෙන් නිකුත්වන වර්ණ  ආලෝක ලප නොහොත් තිත් වලින් මෙහි රූපය සෑදේ. ඒ සමග ලෙක්ට්‍රොනික් පරිපථයක් හරහා  පාලනය සිදු වේ ,මෙසේ රූපවාහිනියේ මෙන්ම පරිගණක Monitors ද රූප  සෑදේ. CRT Monitor වල වර්ණ ඉතා පැහැදිලි වනවා මෙන්ම ස්වභාවික වර්ණයට ඉතාමත්  ආසන්න තත්වයේ පවති.

මේවායේ ඇති අවාසි වන්නේ  වැඩි විදුලි පරිභොජනය, වැඩි ඉඩක් ගැනීම හා බර වැඩිවීමයි ,මේවා දැන් භාවිතයෙන් ඉවත් වෙමින් පවතින  අතර ඒ වෙනුවට  LCD සහ LED Monitor භාවිතයට නැඹුරුව ඇත. එහෙත් වඩාත් ස්වභාවික වර්ණ ලබාගැනීමේ දී නම් තවමත් ඉදිරියෙන් ඇත්තේ CRT මොනිටර් වේ.




  • LCD Monitors ( Liquid Crystal Display)(TFT LCD)

LCD Monitors ( TFT LCD) හෝ LED Monitors රූප ඇති වීමේ ක්‍රමය CTR  එකකට වඩා වෙනස්ය. මෙහි රූපය ජනනය වන්නේ Liquid Crystal වලිනි. මේවාද කැතෝඩ කිරන නල මෙන්ම කුඩා පික්සල් ගණනාවකින් සැදී ඇත. ආකාර දෙකක LCD Screen ඇත.

LCD  තිරයක් සැදී තිබෙන්නේ නම්‍යශීලී  තහඩු දෙකක් ( Polarized Glass) අතර විශේෂ රසායන ද්‍රව ස්ඵටික ද්‍රව්‍යක් ( Liquid Crystal Material ) අඩංගු  කිරීමෙනි. ද්‍රව ස්ඵටික මගින් පික්සෙල්(pixels) හෙවත් තිරයේ ක්‍රියාකාරී වේ.රූප සැදෙන්නේ pixels වලිනි . තිරයේ තිබෙන පික්සෙල් ගණන වැඩි වන විට එහි විභේදනය එනම් Resolution වැඩිවේ. එසේම පසුපසින් ලබාදෙන ආලෝක ප්‍රභවය ( Back Light ) ලෙස බාවිතා කරනුයේ fluorescent (CCFL ) ප්‍රභවයයි ,මෙය CFL  ආලෝක ප්‍රභවය වැනි එකකි.නමුත් වර්ථමානයේ  භාවිතා වන්නේ LED බල්බය.



LCD Screen ආකාර දෙකකි .එනම් Active සහ Passive Matrix Display ලෙසය.

Active Matrix - බොහොමයක් LCD වල භාවිතා වන්නේ Active Matrix තාක්ෂණය යයි(Technology).TFT ( Thin Film Transistor ) LCD වලට යොදවාගෙන ඇත්තේ  ඉහත සදහන් ආකාරයට හා ඊට  අමතරව සියුම් (Tiny) ට්‍රාන්සිස්ටර් ( Transistors) සහ ධාරිත්‍රක ( Capacitors ) ඇතුලත් කරමින්ය..

Passive Matrix Display - . ඉලෙක්ට්‍රොනික ඔර්ලොසු, කැල්කියුලේටර් ආදියේ  ස්ක්‍රීන්ය ,මේවා සදහා ආලෝක ප්‍රභවයක් නැත.

  • LED Monitors - (Light Emitting Diode)
මෙහි තාක්ෂණයද ඉහත LCD තාක්ෂණයම වන අතර වෙනස් වන්නේ පසුපසින් ලබාදෙන ආලෝක ප්‍රභවය ( Back Light ) ලෙස LED Screen වලට ඉහත ආකාරයේ LCD සදහා භාවිතා වන සමාන ආලෝක ප්‍රභවයක් ලබා දීමයි . එනම් Fluorescent විදුලි බුබුළු වෙනුවට LED විදුලි බුබුළු භාවිතා කිරීමය,  වෙනසකට ඇත්තේ Fluorescent වලට වඩා LED අඩු විදුලිය පිරිවැයයි.

විදුලි පරිභෝජනය අතින් ඉතාමත්  වාසිදායක වන්නේ LED ,LCD Screen Monitor භාවිතා කිරීමයි.එසේම අඩු ඉඩ ප්‍රමාණයක් යක් හා බරින් අඩුවීමද  CRT මොනිටෝර් වලට වඩා කැපී පෙනෙන ලක්ෂණයක් වේ. කෙසේවෙතත් LCD හෝ LED ප්‍රවේශමෙන් පරිහරණය කල යුතුය වේ මන්ද යත්  පැතලි තහඩුව තද වීමේදී , LED ,LCD Screen ගුණාත්මක බවයට හානි සිදුවීමට ඉඩ ඇති බැවිනි.


මොනිටරයක ප්‍රමාණය දක්වන්නේ අඟල් වලිනි. අඟල් 14, 15 හෝ 17 සහ 19 ප්‍රමාණ වලින් ඇති අතර ඊට වඩා වැඩි ප්‍රමාණ ද ඇත ,ප්‍රමාණය වැඩිවන විට  විදුලි පිරිවැයද වැඩිය.

CRT ,LCD හා LED යන මොනිටර වල  ප්‍රමාණය මැනගන්නේ කෙසේදැයි සහ ඒවායේ පිටත සම්බන්ධක (ports ) සහ කේබල් ද  පහත රූප සටහන් වලින් දැක්වේ.








මි ලගට ආදාන උපාංග (Input Devices), ප්‍රතිදාන උපාංග (Output Devices) පිලිබඳ සාමාන්‍යය අවබෝධයක් ලබාගමු.
Input Devices සහ Output Devices

  •  Input Devices
මෙයින්  සිදුකරනු ලබන්නේ  පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග වේ. නිදසුන් ලෙස  Key Board (යතුරු පුවරුව),Mouse (මූසිකය) , Joystick (පරිගණක ක්‍රීඩා සදහ), Web කැමරා ගතහැක.
  • Output Devices
ඇතුළත් කරන කරන තොරතුරු සකසා නැවත අප වෙත ලබා දෙනු ලබන්නේ Output Devices මගිනි. නිදසුන් ලෙස පරිගණක Monitors ( මොනිටර් ) , Printers  (මුද්‍රණ යන්ත්‍ර) , Speaker ( ස්පීකර් ) ගතහැක.

  • Key Board (යතුරු පුවරුව)
මෙය ප්‍රධානම ආදාන උපාංග (Input Devices) ය වේ, අතීතයේ සිටම පරිගණකයට  දත්ත ඇතුලත් කිරීම හා විධාන ලබා දීම Key Board (යතුරු පුවරුව) මගින් ‍සිදු වේ. යතුරු පුවරුවකින් පමණක පරිගණකයක් හැසිරවීම සිදු කළ හැකිය. දැනට භාවිතා වන යතුරු පුවරුව QWERTY නමින් හැදින්වේ. යතුරු පුවරුවේ ,යතුරු ( Key ) වර්ග කහිපයක් දැක ගත හැක.

1.Functional keys.( F1,F2,F3,..........)
2.Alphabetical / character keys.( ABC/abc ..........)
3.Numeric keys.( 1,2,6............)
4.Cursor Key. ( Left ,Right ,Up ,Down )
5.Special purpose keys.( Alt , Ctrl ,Backspace, Esc ,window key,caps lock key................)



 
  • Mouse (මූසිකය)
දත්ත ඇතුලත් කිරීමේදී හා විධාන ලබාදීමේදී ඉතා අත්‍යවශ්‍යම උපකරණය Mouse බව ඔබ කවුරුත් දන්නා කාරණයකි .
Mouse වර්ග කිපයක් දැන් වෙළද පොලේ දක්නට තිබෙන අතර වර්ග කිරීමේදී ඒවා වර්ග කිහිපයකි. Mechanical (Ball) Mouse,Optical Mouse, Laser Mouse සහ Laptop mouse ලෙසය.


පරිගණකයකට Keyboard (යතුරු පුවරුව) හා Mouse (මූසිකය) සම්බන්ද කිරීමේදී  වර්ග 03කි
එනම් PS/2  - Keyboard/Mouse ,USB  - Keyboard/Mouse සහ Wireless  - Keyboard/Mouse වශයෙනි.






  • ස්පීකර් /Speaker
මෙය Output Devices  එකකි.ශබ්ද ඇසීම සඳහා විවිධ ආකාරයේ ස්පීකර්  භාවිතා කරයි. බහුලවම හමුවන්නේ ඩෙස්ක්ටොප් ස්පීකර් මෙන්ම සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් ඇති අතර ඉතා අනර්ග විශිෂ්ට  සරවුන්ඩ් සිස්ටම් ද ඇත. එසේම Headphone ( හෙඩ්ෆෝන් )  ද භාවිතා කර හැක .



මේ ලිපියෙන් හදුනා ගන්නා ලද්දේ කොම්පියුටර් සඳහා භාවිතා වන උපාංග හා  භාවිතා කළ උපාංග පිළිබඳවයි. මේ හදුනා ගන්න ලද උපාංග වලට අමතරව තවත්  උපාංග ඇත නමුත් එවැනි උපාංග පිළිබඳව තවත් ලිපියකින් හදුන්ව දීමට බලලා පොරොත්තු වෙමි .මෙහිදී හදුනා ගන්නා  ලද්දේ  පරිගණකය එකලස්කිරීම සදහා අත්‍යවශ්‍යම උපාංග කිහිපයයි.

ලිපියේ  පළමු  කොටස වන කොටස් හදුනාගැනීම මෙතනින් අවසන් වන අතර දෙවන කොටසේදී කතා කෙරුනුයේ  දෘඩාංග එකට සම්බන්ද කිරීමයි .  කොටස් හදුනාගැනීම පිළබඳව තොරතුරු තවත් ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් Comment  මගින් ව්මසන්න .

දැන් ඔබට කොටස් පිලිබඳ අවබෝදයක් ඇති නිසා පරිගණකය එකලස්කිරිම ඉතා පහසු වනු ඇත ඒ සදහා මෙතනින් ඇතුල් වන්න.

02. දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම.


8 comments:

  1. මට ගෙදරට බඩු ටික ගෙනත් හදාගන්න.ගෙදර පාවිච්චියට ගන්න පුලුවන් සාමන්‍යන් slow වෙන්නේ නැතුව use කරන්න පුලුවන් ව්දියේ අඩු වියදමකින් හදා ගන්න අවශ්‍ය කරන බඩු ටික මොනාද කියලා දෙන්න පුලුවන් ද.

    ReplyDelete
  2. ඔබ කියාදුන්නු පාඩමෙන් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා බොහොම පිං

    ReplyDelete
  3. Its very good lesson
    Thank you
    Wish you all the best

    ReplyDelete
  4. ගොඩක් දේවල් ඉගන ගත්තා ස්තූති

    ReplyDelete
  5. ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා ස්තුතියි

    ReplyDelete
  6. සුපිරියක් හොදෙ

    ReplyDelete
  7. නියමයි. ගොඩක් පින් දැනුම දුන්නට

    ReplyDelete