Tuesday, September 23, 2014

පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම - තුන්වන කොටස


Bios සැකසීම හා යාවත් කාලය නොහොත් අලුත් කිරීම ( To Fix Bios setting and Update )


පරිගණකය සකසා  ගැනීමෙන් පසු එහි බයෝස්  ( Bios  Setup ) සකසා ගැනීම සිදු කර ගනිමු. මෙහි වැදගත්කම වන්නේ පරිගණකයේ ඇතිවන දෝෂ ( troubleshooting )  අඩු කර ගැනීමට හැකියාව ඇති බැවිනි. මේවා හි ක්‍රම වේදය පරිගණකයෙන් පරිගණකයට වෙනස් වේ ,නමුත් මෙයින් පෙන්වාදෙනවා, මගපෙන්වනවා  කොහමද BIOS  පරිශ්‍රීලනය හා වෙනස්කම් සිදුකරනුයේ කියා.

BIOS වලට ඇතුළු වන්නේ කෙසේද ..?
ඔබගේ පරිගණකයේ BIOS Setup වලට ඇතුල් වීමේදී  විවිධ Key බාවිතා වේ. ඒවා අදාල නිෂ්පාදන අනුව වෙනස් වන අතර ඒම  BIOS වලට ඇතුල් වීම( BIOS Access Key) පහත ලින්ක් මගින් ඔබට හදුනා ගත හැක.


01.  ජනප්‍රිය පරිගණක නිෂ්පාදන  සදහා Bios වලට ඇතුල් වීම(Bios Access Keys) සදහා මෙතනින් ඇතුල් වන්න. 

02.  ජනප්‍රිය මවුපුවරු සදහා  BIOS වලට ඇතුල් වීම( BIOS Access Keys) සදහා මෙතනින් ඇතුල් වන්න.

 03.  Bios නිෂ්පාදන අනුව  ( Major BIOS Manufacturers) Bios වලට ඇතුල් වීම(Bios Access Keys) සදහා මෙතනින් ඇතුල් වන්න.

ඉහත ලින්ක් මගින් ඔබගේ පරිගණකයට අදාල press කල යුතු key හදුනා ගෙන ප්‍රථමයෙන් ම   Systems BIOS වලට ඇතුල් වන්න.

නිදසුනක් ලෙස පහත ආකාරයේ  Boot screen  එක බලන්න  





පරිගණකයක BIOS Setup Menu Screens බලා ගැනීම සදහා මෙතනින් ඇතුල්වන්න  


බයෝස් වලට ඇතුල් වීමෙන් පසු පහත ආකාරයේ screen එකක දැක ගැනීමට පුළුවන මේවා සාමාන්යෙන් පරිගණක අනුව සුළු වෙනස් කම් දැකිය ගත හැක මෙහිදී ඔබට "BOOT" හෝ "BOOT PRIORITY" දැක ගත හැකි අතර ඒ අදාල ස්ථානයට යාම සදහා arrow keys භාවිතා කල යුතු වන්නේ Bios screen මතදී Mouse එක  ක්‍රියා විරහිත (disabled) වි ඇති නිසාය. 


දැන් arrow keys භාවිතා කර "BOOT" හෝ "BOOT PRIORITY" select කර ඉන්පසු "BOOT DEVICE PRIORITY" select කර "ENTER" කරන්න  "BOOT DEVICE PRIORITY" එක විවිධ හා වෙනස් ස්ථාන වල පිහිටා ඇති අතර එය පහසුවෙන් සොයා ගත හැක.



"BOOT DEVICE PRIORITY" ඔබට 1st boot device  select කර "ENTER" කරන්න (1st boot device  එකේ     "FLOPPY DRIVE" හෝ වෙනත් DRIVE එකක් පෙන්නුම් කරයි )



දැන් "CDROM" select කර "ENTER" කරන්න





දැන් ඔබගේ පළමු boot device එක CDROM ය (මෙය CD / DVD / BD ROM  බාවිතා වේ) ,දැන් මෙය ඔබට save කර ගත යුතුව ඇත අ සදහා "F10" key එක press කරන්න ( එසේ නොමැතිනම් escape key එක "SAVE AND EXIT" යන්න එන තුරු  press කරන්න) ඉන්පසු  "ENTER" key  press කර ස්ථීර කරන්න "OK" හෝ සමහර පරිගණක වල "Y" Select කර "ENTER" කරන්න.



දැන්  ඔබට කුමක් හෝ key එකක් Press කිරීමෙන්  CD/DVD/BD හරහා පරිගණකය boot කර ගත හැක.



තවත් විවිද Bios Setting

දැන් ඔබට අවශ්‍යය Operating System එකක් ( Windows 8 , Windows 7 ,Ubuntu වැනි  ) ස්ථාපිත කරගන්න ඒ සදහා අවශ්‍ය උපදෙස් පහතින් ලබා ගන්න.

  • Operating System ඉන්ස්ටෝල් (install ) කිරීම

No comments:

Post a Comment