Thursday, September 11, 2014

පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම - දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම.


පළමු ලිපියෙන් දෘඩාංග ( Hardware ) තෝරා ගැනීම හා හදුනා ගැනීම සිදු කරන ලදී, එහිදී  හදුනා ගන්නා ලද  කොටස්  සම්බන්ද කරමින් පරිගණයක් සකසා ගන්නේ කෙසේදැයි බලමු. 



02. දෙවන කොටස - දෘඩාංග එකට එකතු කිරීම නොහොත් පරිගණකය එකලස් කිරීම.

පළමු ලිපියෙන් හදුන්වා දුන් සේ ගැලපෙන කොටස් තෝරා ගැනීමෙන් අනතුරුව කොටස් සම්බන්ද කිරීම අරබන්න.

ප්‍රථමයෙන්ම අවශ්‍ය වන්නේ ඉවසීම ,සහ කාලයයි . ඊට අමතරව අවශ්‍යවන කොටස්
  • ස්කුරුප්පු නියන් ගැලපෙන ආකාරයට ( Screwdriver )
  • කේබල් ගැට ගසා ගැනීමට අවශ්‍යය කරන නුල් හෝ එවැනි සන්නායක නොවන ( ප්‍රතිස්තක ) ද්‍රව්‍යක් ( Some Cable Ties ) හෝ ටේප් රෝලක් ( Electrical Tape )
  • සන්නායක නොවන ( ප්‍රතිස්තක ) පටි ( බෑන්ඩ් )
  • Thermal grease (මේවා මේ නම් වලින් ද හදුන්වයි thermal gel, thermal compound, thermal paste, heat paste, heat sink paste, thermal interface material, or heat sink compound) 
 අලුත් කොටස් නම් ඉතා පරිස්සමින් භාවිතා කරන්න , විශේෂයෙන් ප්‍රොසෙසරය බිම වැටීමට නොදී ඉතාමත් පරිස්සමින් තබා ගන්න.

දැන් පරිගණකයේ කොටස් එකට එකතු කිරීම පටන් ගමු.

කේස් එකට මදර්බෝඩ් එක සවි කිරීමට ප්‍රථමයෙන්ම ප්‍රොසෙසරය මදර්බෝඩ් එකට සවිකරගන්න . ( Case එකට සම්බන්ද කිරීමෙන් පසුවද මෙය සිදුකර ගත හැක.) 
  • ප්‍රොසෙසර මවුපුවරුවට සවිකිරීම.

නිදසුනක් ලෙස LGA115x සොකට් වලට ප්‍රොසෙසර සම්බන්ද කිරීම බලමු ,ඔබ භාවිතා කරන්නේ වෙනත් ප්‍රොසෙසරයක් වුවත් එහිද   මිට වඩා ලොකු වෙනසක් නැත.


01. අංක එක ආකාරයට ලිවරය පල්ලෙහාට තද කර ක්ලිපය බුරුල් කර ( Unclip ) අංක දෙක ආකාරය ලිවරය උඩට උස්සන්න.

  • 02.පහත ආකාරයට සොකට් එකේ ප්‍රධාන පියන විවෘත කරන්න.


  •  03.සොකට් එකේ ආරක්‍ෂිත කවරය අයින් කරන්න ,මෙම ආරක්‍ෂිත කවරය ඉවත නොදමන්න ,ප්‍රොසෙසරය  මවුපුවරුවෙන් ඉවත් කරහෝත් නැවතත් එම ආරක්‍ෂිත කවරය නැවත සවිකර තැබීමට අමතක නොකරන්න.

  • 04. සොකට් එකේ මැද එනම් ප්‍රොසෙසරය රදවන ස්ථානය හා  ප්‍රොසෙසරයේ මැද අතින්  ඇල්ලීමෙන් වලකින්න .


  •  05. දැන් ඔබේ දඹර ගිල්ලෙන් සහ මහපට ඇඟිල්ලෙන් ප්‍රොසෙසරය අල්ලගෙන. ප්‍රොසෙසරයේ හා ප්‍රොසෙසරය  මවුපුවරුවට සවිකරන සොකට් එකෙහි ඇති කට්ට පිළිබඳව අවධානය යොමුකොට ඉතාමත් සියුම්ව ,ඉතා සෙමින් පහත ආකාරයට ප්‍රොසෙසරය සොකට් එකට සවි කරන්න.


  •  06. සොකට් මත නිවැරදිව ප්‍රොසෙසරය තැබීමෙන් පසු අංක 01 ආකාරයට ප්‍රධාන පියන පහත් කර එය සොකට් එකට සවිකර , 02 ආකාරයට ලිවරය පල්ලෙහාට තද කර ක්ලිපය ද තද කරන්න.


සැලකිය යුතුයි : ප්‍රොසෙසරය සොකට් මත සවි කිරීමේදී ඉතාමත් නිවැරදිව සවිකළ යුතු අතර එහි ඇති pin වලට කිසුදු පලුද්දක් නොව්මට වග බල ගත යුතුව ඇත.

ප්‍රොසෙසරය සවි කිරීමෙන් අනතරුව, ප්‍රොසෙසරය මත ප්‍රොසෙසර Fan ( Fan with heat sink ) එක සවිකිරීම.

ප්‍රථමයෙන්ම ප්‍රොසෙසරය මත Thermal grease
තැවරිය යුතුය.(මේවා මේ නම් වලින් ද හදුන්වයි thermal gel, thermal compound, thermal paste, heat paste, heat sink paste, thermal interface material, or heat sink compound)


Thermal Gel එක තැවරීමෙන් පසු ප්‍රොසෙසර Fan එක රුපයේ දැක්වෙන ආකාරයට ,එක එල්ලයේ මවුපුවරුවේ ඇති තව් වලට සමාන්තරව තබන්න. 


ඉන් පසු පහත රුපයේ ආකාරයට 1 සහ 2 එකවර තද කරන්න ඉන්පසු 3 සහ 4 එකවර තද කරන්න  ,පසුව  කණුවේ ඉහලින් කරකැවිය හැකි කොටස එහි ඊතල සදහන් කර ඇති පැත්තට කරකවන්න.


ප්‍රොසෙසර Fan කේ විදුලි සම්බන්දකය මව්පුවරුවට සම්බන්ද කරන්න.



RAM Card (මෙමරි කාර්ඩ්) මවුපුවරුවට සවිකිරීම.

Fan එක සවි කිරීමෙන් පසු RAM සම්බන්ද කර ගන්න ,RAM ස්ලොට් වල දකුණේ සහ වමේ ඇති Clip දෙක දෙපැත්තට කොට ස්ලොට් එකේ කට්ටයට RAM එකෙහි කට්ට සමානතරව  සම්බන්ද කරන්න.පහත රුපයේ සම්බන්ද කරන ආකාරය දැක්වේ.

    
Power Supply එක පරිගණකයේ Case  එකට සවිකිරීම.
 
Power Supply එක  පරිගණකයේ Case  එකට සම්බන්ද  කරීම ඉතා පහසු කාර්යකි ,Power Supply එක සදහා විශේෂ ස්ථානයක් ඇත, පහත රූපයෙන් ඔබට එය  ගත හැක.

Power Supply එක පරිගණකයේ Case එකට සම්බන්දවන ආකාරය පහතින් දක්වා ඇත එනම් තව් සම්බන්ද විය යුත්තේ නිදසුනක් ලෙස A අකුරට A  ලෙසය .


ඉහත ආකාරයට අදාල ස්ථානයේ  Power Supply එක තැන්පත් කොට ඇණ වලින් සම්බන්ද කරන්න.


මවු පුවරුවේ පසු පස තහඩුව case එකට සම්බන්ද කිරීම (Motherboard  back plate to the case)

මවු පුවරුවේ පසු පස තහඩුව එනම් මදර්බෝඩ් එකක පිටත සම්බන්දක සදහා පවිතින තහඩුවයි මෙය Case එක හා මවුපුවරුව අතර සම්බන්ද වේ.



මවුපුවරුව පරිගණකයේ Case  එකට සවිකිරීම.

අදාල ස්ථානයේ මවුපුවරුව සම්බන්ද කිරීමට ප්‍රථමයෙන් මවුපුවරුව රදවන ආධාරක ( Stand ) Case එකට සවි කර ගතයුතුයි. එය පහත ආකාරයට  සිදුකරන්න. 


ඉහත සම්බන්ද කරන ලද ආධාරක ( Stand )මත මව්පුවරුව රදවා ඇණ මගින් මව්පුවරුව case එකට සම්බන්ද කරන්න.


Hard ඩිස්ක් එක සහ CD/DVD/BD එක සම්බන්ද කිරීම.

Case එකේ Hard ඩිස්ක්  සහ Rom සදහා විශේෂ වූ රාක්ක (Bay ) ඇත. පහත රුපයෙන් ඔබට එය හදුනා ගත හැක.


පහත රූප සටහන් වලින් යම් අවබෝදයක් ලබාගෙන  Hard ඩිස්ක් එක සහ CD/DVD/BD එක සම්බන්ද කරන්න.

Hard ඩිස්ක් එක සම්බන්ද කිරීම.


CD/DVD/BD ඩිස්ක් එක සම්බන්ද කිරීම.


VGA  Card  සම්බන්ද කිරීම

ඔබ මවුපුවරු මත එන VGA භාවිතා නොකර ඉහල ධරිතවයයෙන් යුතු VGA  Card එකක සම්බද කිරීමට බල පොරොත්තු වේනම් ඒ සදහා ඔබ ඔබගේ මවුපුවරුවේ ඇති  Expansion Slot වලට අදාලව  ( AGP හෝ PCI Express ) තෝරා ගන්නා ලද VGA  Card  එක මවුපුවරු මත සවි කරන්න .



ප්‍රධාන විදුලි සම්බන්දක මවුපුවරුවට සවිකිරීම

ප්‍රධාන විදුලි සම්බන්දකයේ 20පින් සහ 24 පින් ලෙස වර්ග දෙකක් ඇත අද ගොහොදුරට භාවිතා වන්නේ 24 පින් වර්ගය යි එයට අදාලව පහත රුප සටහන් අනුසාරයෙන් ඔබගේ මදර්බෝර්ඩ් එකට ප්‍රධාන විදුලි සම්බන්දකය සම්බන්ද කරන්න. 



Case එකේ ඇති ස්විච් ( switch ) සහ විදුලි බුබුළු සම්බන්ද කිරීම.

Case එකේ ඇති ස්විච් ( switch ) සහ විදුලි බුබුළු සදහා වලට අදාල සම්බන්දක මවුපුවරුවට සම්බන්ද කිරීම ,විවිද මවුපුවරු වල විවිද ආකාරයට ස්විච් සම්බන්දක පවතින අතර අවශ්‍ය ස්ථාන මව්පුවරුවේ සදහන් වේ. නිදසුනක් ලෙස පහත රුපසටහන් බලන්න.



විදුලි   සහ DATA  කේබල්,  Hard ඩිස්ක් එකට  සහ CD /DVD/BD  එකට  සම්බන්ද කිරීම.

IDE කේබල් එක මත සම්බන්ධක 3කි  සම්බන්ධක 2ක්  එක ලග පිහිටා  ඇත . එකක් දුරින් පිහිටා ඇත . මවුපුවරුව හා සම්බන්ද කල යුතු වන්නේ  එකක් දුරින් පිහිටා ඇති  සම්බන්ධකයයි. එහි එක ලග පිහිටා  ඇති සම්බන්දක වලින් පළමු සම්බන්ධකය ප්‍රධාන නොහොත් මාස්ටර් සම්බන්දකය ( ) වන අතර එහි දෙවන සම්බන්දකය ස්ලෙව් ලෙස වේ. මාස්ටර් සම්බන්දකය සාමාන්‍යයෙන්  Hard ඩිස්ක් එකට ද  ස්ලෙව් සම්බන්දකය CD /DVD/BD වලටද පිලිවෙලින් සම්බන්ද වේ. IDE පොර්ට්ස් දෙකක් ඇත්නම් හෝ SATA ඇත්නම් වෙන වෙනම කේබල් වලින් සම්බන්ද කිරීමටද පුළුවන. IDE  කේබල් එකෙහි  රතු පැහැයට  ඇති පැත්ත Side-1 ලෙස හදුන්වයි. IDE කේබල් එකෙහි සම්බන්ධකය IDE පෝට් එක සම්බන්ධ කල හැක්කේ එක පැත්තකට වුවත්  පරණ කේබල් දෙපැත්තටම සම්බන්ධ කල හැකි අතර  හදුනා ගැනිම සදහා කේබල් එකෙහි හා පෝට් එකෙහි IDE-1 හො IDE- 2 ලෙස සදහන් කර ඇත.  

IDE කේබල් එක වෙනුවට  SATA(Serial ATA) යොදා ගන්නේ නම් . SATA පෝට් එකක් හා සම්බන්ධ කල හැක්කේ එක්  උපකරණයක් පමණි. මවුපුවරුව තුල SATA පෝට් 4ක් හෝ ඊට වඩා  පිහිටයි.

 IDE පොර්ට්ස් හා SATA පොර්ට්ස් දෙකම ඇත්නම් වෙන වෙනම IDE හා SATAකේබල් දෙකින්ම සම්බන්ද කිරීමටද පුළුවන.




සියළු Data හා විදුලි සම්බන්දක සවි කිරීමෙන් පසු Case කවරය වසා පරිගණකය මොනිටෝරයට සම්බන්ද කරන්න.මෙහිදී DVI හෝ VGA මගින් පරිගණකය හා මොනිටරය සම්බන්ද කර ගන්න .



ඉන් පසු Keyboard සහ Mouse එක සම්බන්ද කර ගන්න. ඊට අමතරව ඔබට ඉන්ටෙර්නෙට් සම්බන්දක ඇත්නම් ඒවාද ( Router හෝ Modem ) Speaker  ද සම්බන්ද කර ගන්න.



දැන් පරිගණකය සකසාගෙන අවසන් ,දැන් ඔබ පරිගණකයට විදුලිය සම්බන්ධ කොට Bios සකස්කරන්න ඉන්පසු Operating System එකක් ස්ථාපිත කරගන්න.

පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම - තුන්වන කොටස - Bios සැකසීම  

 

No comments:

Post a Comment