
මෙහිදී Microsoft Windows 7 Ultimate පියවරෙන් පියවර ක්‍රමයෙන් Install කරන්නේ කෙසේද කියා පැහැදිලි කර දෙන අතර Windows 7 Home Premium සංස්කරණ හෝ වෙනත් ඕනෑම සංස්කරණයක් සදහා ද මෙම පියවරවල් වල් අනුගනමනය කිරීමට හැකියාවක් ඇත.
Windows 7 - Install කිරීම ඉතාමත් පහසුය, Installation ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර windows 7 සදහා අවශ්‍ය පහසුකම් ( System Requirements ) ඔබගේ පරිගණකයේ ඇත්දැයි පරික්ෂ කර බලන්න.එසේම Windows 7 - Install කිරීමට පෙර ,ඔබට ඔබගේ දෘඩාංග සදහා අවශ්‍යය drivers නැතිනම් අදාල කොටස් සදහා drivers භාගත ( download ) කරගෙන CD-R එකක හෝ USB drive එකක save කරගන්න.
දැන් first boot device එක CD-ROM/DVD-ROM වන ලෙස BIOS Setup හදාගන්න.
01 . වන පියවර -
- Windows 7 DVD එක DVD-Rom එකට ඇතුල් කොට ඔබගේ පරගණකය Start කරන්න, ඉන් පසු ඔබට "press any key to boot from cd........._" යනුවෙන් පරිගණක තිරය මත දැකගැනීමට පුළුවන එවිට ඔබට කැමති Key එකක් Press කරන්න, එවිට Windows 7 පහත පරිදි boot up වීම ආරම්භ වේ .
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
02. වන පියවර -
- මෙම පියවරෙදි භාෂාව සැකසීම time and currency format එක සහා keyboard or input method එක ඔබට අවශ්‍යය පරිදි සකසා ගන්න ඉන්පසු next එක click කොට ඉදිරියට යන්න.
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
03. වන පියවර -- මෙම පියවරේදී Windows 7 - Install කිරීම හෝ repair කිරීමය. අප මෙහිදී සිදු කරනුයේ Windows 7 නව පිහිටුවමකි එම නිසා "install now" click කරන්න.
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
04. වන පියවර -
- අවශ්‍යනම් කොන්දේසි කියවා හෝ නොකියවා "I accept license terms" ලකුණු කර ( tick කර ) next කරන්න.
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
05. වන පියවර -
- දැන් ඔබට අවශ්‍යය Installation මාදිලිය තොරා ගන්න මෙහිදී අපට ඉදිරිපත් වනවා කොටස් දෙකක් එනම් Upgrade හෝ Custom (Advanced) ලෙසය ,අලුතින්ම Windows 7ස්ථාපනය කිරීමේදී Custom (Advanced) තෝරා ගත යුතුය.
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
( Image එක විශාල කිරීමට Image එක මත click කරන්න )
ඉන්පසු ඔබට 07 වන පියවරට යා හැක.
No comments:
Post a Comment